ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා දින 12 ක කාළයක් තුළ නිරත වූ විදේශ සංචාරය නිමා කර අද (23) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .
ජනාධිපතිතුමා මෙම කාළය තුළ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවති ආර්ථික සමුළුවට , උගන්ඩාවේ කම්පාලා නුවර පැවති 19 වැනි නොබැඳි ජාතීන්ගේ රාජ්ය නායක සමුළුවට සහ දකුණු චීනය පිළිබඳ තුන් වැනි රාජ්ය නායක සමුළුවට ද සහභාගී වීමෙන් අනතුරුව මෙසේ ආපසු කටුනායක ගුවන් තොටුපොළ බලා පැමිණ තිබුණි .
ජනපති ඇතුළු ශ්රී ලංකා දූත පිරිස අද උදෑසන 08.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඉකුත් 12 වන දින මුළින්ම මෙම සංචාරය ආරම්භ කරමින් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි .