විපතට පත් ලිබියානු ජනතාවට බිම් බෝම්බ බියක්

ජලගැලීම්වලින් හානියට පත් ලිබියාවේ ඩර්නා හි වැසියන් බිම් බෝම්බ අවදානමකට මුහුණපා සිටී.

ඒ පිරිසිදු ජලය සොයා බිම්බෝම්බ වළලා ඇති දුර පලාත්වලට යාමට සිදුවීම හේතුවෙනි.

මේ අතර ලිබියානු ජලගැලීම සිදුවී මේ වනවිට සතියක් ගතවී අවසන්ය.

ඉන් මියගිය පිරිස 11,300 දක්වා ඉහළ ගොස් ඇති අතර, සිද්ධියෙන් අතුරුදන් වූ පිරිස 10,000 ක් බව නිල සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

මළසිරුරු සෙවීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, දැන් හමුවන මළසිරුරු හඳුනාගැනීමට නොහැකි තරමට නරක් වී ඇති බව වාර්තා වේ.

මේ අතර ඩර්නා ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් ග්‍රීක සහන කණ්ඩායමක සාමාජිකයින් 4 දෙනෙකු මියගොස් තිබේ.

අනතුරින් තවත් ලිබියානුවන් 3දෙනෙකු මියගොස් තවත් 15දෙනෙක් තුවාල ලබා ඇතැයි සඳහන්ය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *