රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයාගත් ආකාරය හෙළිකිරීමට අපොහොසත් වූ බවට චෝදනා එල්ලවී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහි නඩුව ලබන ඔක්තෝබර් 27 වනදා යළි කැදවීමට නියම කෙරුණා.
කොළඹ මහාධිකරණයයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය ගොනුකර ඇති මූලික විරෝධතාවලට අදාළ වාචික දේශන ඉදිරිපත් කිරීම සදහා දිනයක් ලබාදෙන ලෙසට විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
එම ඉල්ලීම පිළිගත් අධිකරණය මූලික විරෝධතාවලට අදාළ ලිඛිත දේශන ඔක්තෝබර් 27වනදා ඉදිරිපත් කරන ලෙසට විත්ති පාර්ශ්වයට නියම කළා.