විශ්වවිද්‍යාල ආචාර්වරු බඳවා ගැනීම ආරඹයි

විශ්වවිද්‍යාලවල ආචාර්වරු විශ්‍රාම ගැනීම සහ විදේශගත වීම නිසා දැඩි ආචාර්ය හිඟයක් නිර්මාණය වී ඇති බවත් එම පුරප්පාඩු සඳහා නව බඳවාගැනීම් කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (4) පැවසීය.

පුරප්පාඩු ප්‍රමාණය ගණනය කිරීමෙන් පසුව නිසි ක්‍රමවේදයකට අනුව බඳවා ගැනීම් කරන බවත් ඒ සඳහා මේ වන විටත් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *