බුදු දහමට අපහාස කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්නපුරයේ “විශ්ව බුද්ධා” නැමති හිමිනමක් ඇපමත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (09) නියෝග කළේය.
මෙම සැකකරුට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බව මහෙස්ත්‍රාත්වරයා තීන්දු කළේය.
කෙසේ වෙතත් මෙම සැකකරුට එරෙහිව දණ්ඩ නිති සංග්‍රහයේ 290 වන වගන්තිය යටතේ විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව තිබෙන බවත් මහෙස්ත්‍රාත්වරයා පැවසුවේය.
ඒ අනුව සැකකාර “විශ්ව බුද්ධා” හිමියන් රුපියල් ලක්‍ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා පැමිණිල්ල නැවත මාර්තු මස 27 වනදා කැඳවන ලෙසත් නියෝග කළේය.