නිරුවත අන්තර්ජාලයට මුදා හරින බව හමුදා මේජර්වරයකුට තර්ජනය කර බිය වද්දා රුපියල් ලක්ෂ දෙකක කප්පම් මුදලක් ලබාගත් සංවිධානාත්මක කල්ලියක 9 දෙනකු අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලීසිය පවසනවා.
ඒ අතර තරුණ අඹුසැමි යුවළක් ද වන බවත් , සෙසු සැකකරුවන්ද තරුණයන් බවයි දැක්වෙන්නේ.
අන්තර්ජාලයේ ඇප් එකක් භාවිතා සමලිංගික ඇසුරු සඳහා මුදලට සේවය ලබාදෙන බව පවසා කඩවසම් තරුණයන් ගේ ඡායාරූප ද යොදා ගනිමින් මෙම ජාවාරම සිදු කර තිබෙනවා.
ඒ අනුව මේජර් වරයා කෙටි පණිවිඩ හරහා අදහස් හුවමාරු කරගෙන මොරටුව ප්‍රදේශයේ අදාළ නිවස සොයා ගොස් තරුණයකු සමඟ සමීප ඇසුරක් පවත්වමින් සිටියදී එම ස්ථානයට කඩා වැදී ඇති සෙසු තරුණයන් පිරිස මේජර්වරයාව සම්පූර්ණයෙන්ම නිරුවත් කර වීඩියෝ කර තිබූ සෙසු තරුණයන් එය අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර ඔහු ගෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලා තිබූ බවයි පැවසෙන්නේ.