සරම්ප රෝගීන් වාර්තා වීම ඉහළට

දිස්ත්‍රික්ක 9ක සරම්ප රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කළේ, මාස 6-9 ළදරුවන් සඳහා සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමේ වැඩසටහනක් ද සැලසුම් කර ඇති බවය.

ඒ අනුව සරම්ප රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල හා කල්මුණේ යන ප්‍රදේශවල මෙම එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එන්නත් වැඩසටහන ලබන ජනවාරි 6 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මකය.

ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස 2019 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *