සවුදි අරාබියාවේදී මිය ගිය බව කියන බකමූණ දෙදරු මවගේ දේහය සීල් තැබූ පෙට්ටියකින් ඊයේ රාත්‍රියේ නිවසට රැගෙන විත් තිබෙනවා.
මෙම මරණය පිළිබඳව සෑහීමකට පත්වීමට නොහැකි බව ඥාතීහු පවසන අතර විදෙස සේවා නියුක්ති කාර්යාංශය විදේශ රැකියා ආයතනය මෙන්ම මළසිරුර එවූ ආයතන පවා වැරදි තොරතුරු ඉදිරිපත් කළ බවද ඔවුහු චෝදනා කරනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ ඇළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අත්තනකඩවල දිග්ගල්පිටිය යන ලිපිනයේ පදිංචිව සිටි සිරාණි ගුණසිරි වයස 40 ක් වූ දෙදරු මවකි .
ඇය 2022 වසරේ දෙසැම්බර් 26 වන දින කුරුණෑගල ප්‍රදේශයේ විදෙශ රැකියා පෞද්ගලික ආයතනයකින්ම ගෘහ සේවය සඳහා සෞදි අරාබියාවට පිටව ගොස් තිබේ.
මාසයක පමණ කලක් ගතවෙද්දී තම මව ඝාතනය කරන බවට තර්ජනය කරන බවත් පහර දෙන බවත් ආහාර ලබා නොදී හිරිහැර කරන බවත් වැටුප පවා ලබාදී නැති බව තමන් වෙත මව ප්‍රකාශ කළේ යැයි එම ගෘහ සේවිකාවගේ දරුවන් සැමියා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පොළොන්නරුව කාර්යාලයට මෙන්ම විදේශ රැකියා ආයතනයට දැනුම් දී තිබිණි.
දිගින් දිගටම තම මවට එරට නිවෙස් හිමියන් විවිධ වද හිංසා කරන බවත් මරා දමන්න හදන බවටද තවත් පැමිණිල්ලක් දෙසැම්බර් 24 දින පොළොන්නරුව කාර්යාකාර්යාලට ඉදිරිපත් කල බවත් එම පැමිණිල්ල ඒක පාර්ශ්වික විසඳා සේවිකාව කිසිදු කරදරයකින් තොරව ඉතා හොදින් සිටින බව නිවැසියන්ට දැනුම් දුන් බව දරුවන් පවසනවා.
දෙසැම්බර් 29 වන දින ඇළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ දිග්ගල්පිටිය වසමභාර ග්‍රාම නිලධාරීවරයා එම ගමේ මරණාධාර සමිතියේ සභාපතිවරයා මගින් මේ පවුලේ පිරිස දැනුවත් කොට ඇත්තේ සවුදි අරාබියාවේ සිටි කාන්තාව දෙසැම්බර් 24 දින මියගොස් ඇති බවයි.
පසුගිය දෙසැම්බර් මස හයවන දිනය සවුදි අරාබියාවේ දී මෙම කාන්තාවන් මියගොස් තිබෙන බවත් පසුව දේහය ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකිව නිවැසියන් දැඩි අසීරුතාවයකට පත්වන අවස්ථාවේදී මෙම අය ජනමාධ්‍ය මගින් සිදු කළ හෙළිදරව්වකින් පසුව සවුදි අරාබියාවේ මියගිය කාන්තාවගේ දේහය මෙරටට පසුගිය 10 වන දින ලංකාවට ගෙන්වා දීමට විදෙස සේවා නියුක්ති කාර්යාංශය මැදිහත්ව තිබිණි.
ඒ අනුව එරට සිදුකරන ලද හදිසි මරණ පරීක්ෂණ වාර්තාව අනුව සියදිවි හානිකරගෙන ගෙලවැලලාගෙන මියගිය බවට සනාථ කරන ලිපි ලේඛන නිවැසියන්ට භාරදුන් බව ඔවුහු කියති.
දේහය ලංකාවට ගෙනවිත් මෙරටදීද හදිසි මරණ පරීක්ෂණයක් පැවැත්වූ බවත් එම හදිසි මරණ පරීක්ෂණයේදී සවුදි අරාබියාවෙන් ලබා දුන් එම තීන්දුවම ලබා දුන් බව ඥාතීන් පවසති.
කෙසේ වෙතත් මෙම මිය ගිය දෙදරු මවගේ දේහය පිළිබඳව තමන්ට පවතින්නේ බරපතල සැකයක් බව ඥාතීන් චෝදනා කරනවා.
දෙසැම්බර් මස මෙම මිය ගිය කාන්තාව ඇයගේ මවට ඇමතුමක් ලබාගෙන තමන්ට කරදර කරන බවත් මරා දමන්නට උත්සාහ කරන බවත් සඳහන් කරන හඬ පටයක් ද මෙම ඥාතීන් සතුව පවතින අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය දෙසැම්බර් මාසයේ විසි නමවන දින පොළොන්නරුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැමිණිල්ල විභාග කිරීමේදී එදින වන විට එම කාන්තාව සවුදි අරාබියාවේ ඉතා හොඳින් ජීවත් වන බව මෙම දරුවන්ට දැනුම් දුන් බව ඔවුහු පවසනවා.
එදිනම පස්වරුව වන විට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හරහා මෙම කාන්තාව මිය ගිය පුවත දැන ගැනීමට හැකි වූ බවත් එහිදී විදේශ රැකියා ආයතනයේ නියෝජිතවරයකුත් මෙම පිරිසට දන්වා ඇත්තේ සිරාණි ගුණසිරි ගෘහසේවිකාව සවුදි අරාබියා වේදී සිය දිවි හානි කරගෙන තිබෙන බවයි.
ඒ වන විට ඇයගේ සිරුර ලංකාවට ගෙනවිත් තිබෙන බවත් ප්‍රකාශ කොට තිබෙනවා.
දින කිහිපයක් ඒ පිළිබඳව සොයා බැලුවද එහි සත්‍යතාවයක් නොමැති වීම නිසාවෙන් නැවතත් පරීක්ෂා කිරීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින් පවසා ඇත්තේ මළසිරුර ගෙන්වා දීමට අවශ්‍ය ලියකියවිලි සපුරාදෙන ලෙසයි.
කෙසේ වෙතත් නැවත වරක් විදේශ රැකියා කාර්යාලයෙන් විමසීමේදී එහි කළමනාකරු බව කියන පුද්ගලයෙකු දුරකතනයෙන් කියා සිටියේ තම සේවකයකු ට වැරදීමකින් එම ප්‍රකාශය කළ බවයි.
දේහය ලංකාවට පැමිණි අවස්ථාවේ එම ලිපි ලේඛනය පරික්ෂා කර බැලීමේදී ඇය පසුගිය දෙසැම්බර් 06 වන දින සවුදි අරාබියාවේදී මිය ගිය බව සනාථ කෙරෙන ලිපි ලේඛන මෙන්ම එම දේහය පිරිමි අයෙකුගේ දේහයක් ලෙස ලිපි ලේඛනයේ සඳහන්ව තිබෙන බවද ඔවුහ ඥාතීන් චෝදනා කරනවා.
මිය ගිය දෙදරු මවගේ අවසන් කටයුතු අද පස්වරුවේ බකමූණේ අත්තනකඩවල දිග්ගල්පිටිය පොදු සුසාන භූමියේදී සිදු කිරීම නියමිතයි