සැකකාර මවුලවී

T56 වර්ගයේ ගිනිඅවි දෙකක් සමග මවුලවිවරයෙකු ඔට්ටමාවඩි, නාවල්අඩි මංසන්ධියේදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මේ වනවිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරකෙරුණි.

ඔට්ටමාවඩි, නාවල්අඩි  ප්‍රදේශයේ පුද්ගලයෙකු යතුරුපැදියකින් ගිනි‍අවියක් රැගෙන ගමන් කරන බවට යුද හමුදා බුද්ධි අංශය පොලිස් විශේෂ කාර්ය බළකායේ අරලගංවිල කඳවුරේ නිලධාරීන්ට තොරතුරක් ලබාදී තිබුණි.

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනුණු අතර, T56 වර්ගයේ ගිනි අවියක්, මැගසිනයක් හා උණ්ඩ 29ක් ඔහු සන්තකයේ තිබියදී සොයා ගැනුණි.

අනතුරුව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින්වලදී හෙළිවූ තොරතුරු අනුව ඔහුගේ සහෝදරයෙකුගේ නිවසක් පරීක්ෂාවට ලක්කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පියවර ගත් අතර, එහි තිබී තවත් T56 වර්ගයේ ගිනි අවියක්, මැගසිනයක් සහ උණ්ඩ 30ක් හමුවී තිබේ.

වාලච්චේන, බුදිරියා නගරයේ පදිංචි 43 හැවිරිදි සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, තමා නාවලපිටිය ප්‍රදේශයේ මවුලවිවරයෙක් ලෙස කටයුතු කළ බවය.

ගිනිඅවිවලට ඇති කැමැත්ත හේතුවෙන් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුගෙන් එම අවි මිලදීගෙන ළඟ තබාගත් බවත් ඔහු පවසා තිබේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *