සීනි බද්ද අඩු-වැඩි කිරීමෙන් සමාගම් බිලියන ගණන් ලාභ ලබලා

2020 ඔක්තෝබර් මස සීනි සඳහා වන වි‍ශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමෙන් රුපියල් බිලියන 16ක අයුතු ලාභයක් උපයා ඇති අතර නැවත එම බද්ද ශත 25 සිට රුපියල් 50 දක්වා වැඩි කිරීමෙන් සීනි ආනයන සමාගම් රුපියල් බිලියන ගණනින් අයුතු ලාභයක් උපයා ඇති බව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව පවසයි.

2023 අගෝස්තු මස තිරිඟු පිටි ආනයනය තහනම් කර නැවත තිරිඟු පිටි ආනයනය කිරී‍මට ඉඩ දීම තුළින් තිරිඟු පිටි සැපයුම්කාර සමාගම් දෙකක් ද බිලියන ගණන් අයුතු ලාභ උපයා ඇති බව ද කාරක සභාව සඳහන් කරයි. එමෙන්ම අදාළ සමාගම් උපයා ඇති ලාභ සම්බන්ධයෙන් නිවැරදි තක්සේරුවක් සිදු කර නිසි පරිදි බදු අය කිරීමට කටයුතු කරන ලෙස ද කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව පෙරේදා (15) රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ අවධානය යොමු වූ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම රැස්වීමට කැඳවා තිබිණි.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *