සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්කෙරුණු විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා රාජකාරී කටයුතු අද(20) ආරම්භ කළේය.
ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් වැඩ භාරගත් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා හට වැඩභාර ගැනීමෙන් අනතුරුව පැමිණි සිටි නිළධාරීන් හා කාර්ය මණ්ඩලය සුබ පැතුම් එක් කළ අතර නව ලේකම්වරයා ඔවුන් සමග සුහද කතාබහක ද නිරත විය.
විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මින් පෙර සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම අතිරේක ලේකම් වරයෙකු වශයෙනුත් සේවය කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා එම සංවිධානයේ නියෝජිතවරයෙකු වශයෙන් ද පත්කර තිබිණි. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල සේවාවක් කල එතුමා කීර්තිමත් රාජ්‍ය නිළධාරියෙකි.