හිටපු සෞඛ්‍ය ලේකම්ගෙන් CIDයට ප්‍රකාශයක්

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

අද පෙරවරුවේ එම දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ලේකම්වරයා අදාළ ප්‍රකාශය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ ආනයන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරනු ලබන විමර්ශනයට අදාළව එම ප්‍රකාශය ලබාගෙන තිබෙනවා.

මෙම සිදුවීම මුල්කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාට එරෙහිව අධිකරණය මගින් විදෙස් ගමන් තහනමක් ද පනවා තිබුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *