හීනටියන මහේෂ්ගේ ප්‍රධාන ගෝලයා STF අත්අඩංගුවට

ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ‘හීනටියන මහේෂ්’ නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙක් වන ‘සුන්නා’ නැමැත්තාව මීගමුවේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ටී -56 ගිනිඅවියක් හා පිස්තෝල දෙකක් ද විශේෂ කාර්ය බළකා භාරයට ගෙන ඇත.

විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ඊයේ (06) මීගමුව පොලිස් වසමේ, මේරියන් පෙදෙස, කුඩා පාඩුව යන ලිපිනයේ වැටලීමක් සිදුකර තිබුණි.

එම අවස්ථාවේ 25 හැවිරිදි අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බළකා භාරයට ගත් ටී 56 ගිනිඅවිය පසුගිය දා මිනුවන්ගොඩ, ගමන්ගෙදර ප්‍රදේශයේ නිවසකට පැන පියෙකු හා පුතුන් දෙදෙනාට වෙඩි තබා ඝාතනය කිරීමට යොදාගත් ගිනිඅවිය බවට අනාවරණය වී තිබේ.

එමෙන්ම අදාළ ගිනිඅවිය දකුණේ සහ බස්නාහිර පළාත්වල අපරාධ හා මනුෂ්‍ය ඝාතන රැසක් සඳහා යොදාගෙන ඇතැයි ද තොරතුරු ලැබී ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *