හොඳට බිත්තර දමන කිකිළියක් මරාගෙන කන්න තරම් මම මෝඩ නැහැ!

සෙවණගල සීනි ආයතනය කිසි සේත් පෞද්ගලික සමාගමකට විකිණීමට කටයුතු කරන්නේ නැති බවත්, හොඳට බිත්තර දමන කිකිළියක මරාගෙන කන්න තරම් තමා මෝඩ නැති බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. ඔහු එසේ පැවසුවේ සෙවණගල සීනි ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (7) සහභාගි වූ අවස්ථාවේ එහි ශ්‍රවණාගාරයේ පැවති රැස්වීම අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් නිලධාරීන් හා සේවකයන් ඇමතූ රාජ්‍ය අමාත්‍යවරයා:

“විපක්ෂ නායකතුමා කියා තිබෙනවා මේ ආයතනය ගජ මිතුරෙකුට ද‍ෙන්න යනවා කියලා ගජ මිතුරන්ට දෙන්න තියෙන දේවල් දීමට අපි සූදානම්. ඒත් මේ ආයතනය දීමට අපෙ සූදා නම් නෑ. මෙය ලාභ ලබන ආයතනයක්. මේ ආයතනය විකිණීමේ ලැයිස්තුවේ තිබෙන බව ඇත්ත. එහෙත් ඒ ලැයිස්තුවෙන් මේ ආයතනයේ නම ඉවත් කිරීමට මා කටයුතු කරනවා. මෙය කිසි සේත් විකිණීමට මා අමාත්‍ය ධුරයේ සිටින තාක් කල් ඉඩ දෙන්නේ නෑ. පාඩු ලබන ආයතන විකිණිය යුතුයි. එසේ නොවුණ හොත් ලාභ ලබන ආයතනවල මුදල් ඒ වෙනුවෙන් වැය කළ යුතු වෙනවා. හැබැයි පාඩු ලබන ආයතන වුවත් ලාභ ලැබිය හැකි අයුරින් කටයුතු කරන්නේ නම් කිසි සේත් විකුණන්නේ නැහැ. ආයතනය තුළ දේශපාලනය නොකර, සියලු දෙනා එකතු වී කටයුතු කර මේ ආයතනය තවත් ලාභ වැඩි කරගැනීමට කටයුතු කරන්න කියලා තමා මට නිලධාරීන්ගෙන් හා සේවකයන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ.”

මේ අවස්ථාවට සීනි සමාගමේ සභාපති මේජර් සාරද සමරකෝන්, විධායක අධ්‍යක්ෂ ගාමිණී රාසපුත්‍ර, මෙහෙයුම් නිලධාරී කැලුම් ප්‍රියංකර ඇතුළු නිලධාරීන්, සේවක සේවිකාවන් හා ගොවි සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *