ඉම්රාන් ඛාන් අලුත් පිම්මකට සැරසේ

වත්මන් අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ සහ හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ දූෂණ වංචා පිළිබඳ ධවල පත්‍රිකාවක් දින කිහිපයකින් නිකුත් කරන බව පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් පවසයි.

පකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) ප්‍රධානී ඉම්රාන් ඛාන්, මුල්තාන් හි පැවති පක්ෂ සේවක සමුළුවේදී, “ෂෙහ්බාස් ෂරීෆ්ට රුපියල් බිලියන 40ක දූෂණ නඩු” ඇතැයි පවසා තිබේ.

මෙවැනි වංචනික සහ දූෂිතයන්ගේ ආණ්ඩුවක් ඇතිවීම පාකිස්තාන ජනතාවට කරන අපහාසයක් බවත් ධවල පත්‍රිකාවක් නිකුත් කරමින් ෂරීෆ් වංශයේ දූෂණ වංචා පිළිබඳ හෙළිදරව් කිරීමට තමන් සූදානම් යැයි ද ඔහු පවසා ඇත.

‘විදේශීය කුමන්ත්‍රණ’ පිළිබඳ ඔහුගේ චෝදනාව යළිත් අවධාරණය කරමින් ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ,‍ ෂෙරීෆ් පරම්පරාව කෙතරම් දූෂිතද යන්න සහ ඔවුන් “විදේශ බලවේගවල උවමනාව මත නැවත බලයට පැමිණි ආකාරය” පිළිබඳව මුළු ජාතියම දන්නා බවයි.

දූෂිත දේශපාලන රාජවංශවලට අයත් දේශපාලනඥයන් ඊද් අල් ෆිතර් උත්සවයෙන් පසු තම චරිත ඝාතනයට යොමු වන බව තමන් දන්නා බව සමුළුව අතරතුර ඉම්රාන් ඛාන් වැඩිදුරටත් පවසා සිටියේය.

ෂරීෆ් පවුල සහ ඔවුන්ගේ සහචරයින් ඔවුන්ගේ ප්‍රතිවාදියා වන බෙනාසීර් භූතෝට සහ ඔහුගේ හිටපු බිරිඳ ජෙමීමා ඛාන්ට එරෙහිව ප්‍රචාර ගෙනයාම සම්බන්ධයෙන් ද ඔහු මෙහි දී චෝදනා කර තිබිණි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *