කාශ්මීරයේ කෝවිඩ් මර්දනයට ඉන්දීය රජයෙන් විශේෂ වැඩපිලිවෙලක්

ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තයේ කෝවිඩ් මර්දනය සදහා විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට ඉන්දිීය මධ්‍යම රජය මැදිහත් වී තිබේ.

ඒ අනුව රෝහල් ගණනාවක සෞඛ්‍ය පහසුකම් නැංවීමට කටයුතු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

මෙි අනුව බරමුල්ලා වෛද්‍ය විද්‍යාල රෝහල වෙන්ටිලේටර් පහසුකම් සහ කොරෝනා රෝගීන්ට හුදකළාව ප්‍රතිකාර ලබා ගත හැකි ලෙස සංවර්ධනය කර තිබේ.

මේ හේතුවෙන් අසාධ්‍ය කොරෝනා රෝගීන් ශ්‍රීනගර් ඇතුලු වෙනත් ප්‍රදේශවලට යැවීම අඩුවී ඇති බව ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීහු සදහන් කරති.

ජම්මු හා කාශ්මීරයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයන් ලක්ෂ තුනකට ආසන්න පිරිසක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව හාරදහස ඉක්වමවා තිබේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *