පශු පාලනයෙන් ජීවිතය දිනූ කාශ්මීරයේ කාන්තාව

දරිද්‍රතාවයෙන් පීඩා විඳිමින් කලක් පලතුරු වතුවල කම්කරුවකු ලෙස සේවය කළ කාශ්මීර කාන්තාවක වන ෂාසාඩා අක්තාර් මේ වන විට තවත් කාන්තාවන් සියයකට ආසන්න ප්‍රමාණයකට රැකියා ලබා දෙමින් “කාශ්මීරයේ කිරි රැජිණ” යන ගෞරව නාමය ද දිනා ගැනීමට සමත්ව සිටියි.

දකුණු කාශ්මීරයේ පුල්වාමා දිස්ත්‍රික්කයේ 27 හැවිරිදි කාන්තා ව්‍යවසායිකාවක් වන ෂාසාඩා ඇගේ ව්‍යාපාරය ආරම්භ කරන්නේ රු 25 ක් වැනි ඉතා කුඩා මුදලකිනි.

මේ වන විට ඇය විශාලතම කිරි ගොවිපලවලින් එකකට හිමිකම් කියන අතර මාධ්‍ය වාර්තා පවසන්නේ ඇය කාශ්මීරයේ ‘කිරි රැජින’ බවට සැකයක් නොමැති බවයි.

මිත්‍රිගම් ගම්මානයේ ෂාසාඩා අක්තාර්,2015 දී ජාතික ග්‍රාමීය ජීවනෝපාය මෙහෙයුම (NRLM) දෙපාර්තමේන්තුව හරහා පැමිණි දේශීය පුහුණුකරුවන් සමඟ සම්බන්ධ වෙමින් තරුණ කාන්තාවන් තුළ නව බලාපොරොත්තු ඇති කළ ‘උමීඩ්’ යෝජනා ක්‍රමය සමඟ සම්බන්ධ වූ අතර නව ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සියලුම දැනුම ඇය වෙත ඒ ඔස්සේ ලැබුණු බව ෂාසාඩා පවසා ඇත.

එම පුහුණුකරුවන් කාන්තාවන් 10 දෙනෙකුගෙන් සමන්විත ස්වයං උපකාරක කණ්ඩායම් (SHGs) නිර්මාණය කිරීමට දේශීය කාන්තාවන් පොළඹවන ලදී.

ඔවුන් රජයේ මැදිහත්වීමෙන් මැහුම් සැකසීම, කිරි ගොවිතැන, කුකුළු ගොවිපළ, මී මැසි පාලනය, ගව ගොවිතැන වැනි කුඩා ව්‍යාපාර ස්ථාපිත කර ඇති අතර රජයේ මෙම වැඩපිළිවෙලෙ හි අරමුණ වූයේ ග්‍රාමීය කාන්තාවන් රැකියා සඳහා පෙළඹවීම බව පැවසෙයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *