ප්‍රසිද්ධියේ නැටුව නිසා තරුණ යුවළ වසර දහයකට හිරේ

ප්‍රසිද්ධියේ නර්තනයේ නිරත වන වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක්කිරීමේ වරදට තරුණ යුවලකට වසර 10ක සිරදඬුවම් නියම වූ පුවතක් වාර්තා වෙනවා.

මෙම තරුණ යුවල අවුරුදු 21 සහ 22 වයස්වල පසුවන අතර මෙසේ නර්තනයේ නිරතව සිටියේ ඉරානයේ ටෙහෙරාන් හි නිදහස් කුලුන අබියස දී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දූෂණය සහ ගණිකා වෘත්තිය ප්‍රවර්ධනය කිරීම ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙන අතර එමගින් ජාතික ආරක්ෂාවට තර්ජන එල්ල වන බවත්, රජයට එරෙහි කුමන්ත්‍රණයක් සිදුව ඇති බවත් අධිකරණය තීන්දු කර තිබෙනවා.

කාන්තාවන් ප්‍රසිද්ධියේ නර්තනයේ නිරතවීම ඉරාන නීතිය යටතේ තහනම් වන අතර එම අවස්ථාවේදී ඇය හිස ආවරණය කර කර නොතිබීමද වරදක් වෙනවා.

මෙම දඬුවමට ලක් කළහොත් එවන් චෝදනා යටතේ වරදකරු වී උපරිම සිරදඬුවමකට ලක්වන පළමු පුද්ගලයින් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දඬුවමට අමතරව යුවළට වසර දෙකක සමාජ මාධ්‍ය තහනමක් පනවා රටින් පිටව යාමද තහනම් කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *