සහරාන්ගේ දේශනවලට සහභාගී වූ 03 දෙනෙකු අත්අඩංගුවට

සහරාන් හෂීම් විසින් ඔහුගේ අනුගාමිකයන් යොදවා මෙහෙයවූ අන්තවාදී දේශනවලට සහභාගී වූ 03 දෙනෙකු කුලියාපිටිය කැකුණගොල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 40,52 සහ 55 හැවිරිදි වියේ පසුවන්නන් බවයි සඳහන් වන්නේ.

ඒ අතර සහරාන් හෂීම් ගේ බිරිඳගේ පියා ද සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එම සැකකරුවන් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාශය වෙත රැගෙනවිත් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.

ඒ අනුව අදාළ සැකකරුවන් තිදෙනා රඳවාගෙන ප්‍රශ්න කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *