පාස්කු ඉරුදින ප්‍රහාරයේ බෝම්බකරුවෙකුට අයත් කොල්ලූපිටිය ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ව්‍යාජ ලිපි ලේඛණ සකසා අත්පත් කරගත් සැකකරුවන් 05 දෙනෙකු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එම සැකකරුවන් අතර නීතීඥයෙකු ද වන බවයි වාර්තා වන්නේ. සැකකරුවන් මෙලෙස ව්‍යාජ ලේඛණ සකසා අත්පත් කර ගෙන ඇත්තේ පාස්කු ප්‍රහාර මාලාවේදී කොළඹ ප්‍රධාන හෝටලයකට ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුට අයත් ඉඩමක්.