නිවසේ තිනර් බැරලය පුපුරා දරුවෙක් මරුට

නිවසක් තුළදී තීන්ත ආලේප කිරීමේදී භාවිතා කරනු ලබන තිනර් නැමැති රසායනික ද්‍රව්‍ය සහිත බැරලයක් යාන්ත්‍රික කියතක් උපයෝගී කරගෙන කපා දෙකට වෙන් කිරීමට උත්සාහ කරමින් සිටියදී ඒ බැරලය පුපුරා ගොස් අසල සිටි 10 හැවිරිදි පිරිමි දරුවෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියාගොස් ඇතැයි වාර්තා වෙනවා.

පොලොන්නරුව පුලස්තිගම, ගල් කැටිදමන ප්‍රදේශයෙන් සිද්ධිය වාර්තා වුණා.

අනතුරින් තුවාල ලැබූ 16 හැවිරිදි පාසල් සිසුවෙකු සහ තවත් අයෙකු ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරුට ලක්වූ 16 හැවිරිදි පාසල් සිසුවාගේ පාදයටකට බරපතළ ලෙස හානි සිදුව ඇතැයි ද පොලිසිය සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *