පත්වූ මන්ත්‍රීවරු100ක් ඇමතිකම් ඉල්ලයි..අගමැතිට පණිවිඩ රැසක්..අගමැතිගේ පවුලේ අයගෙනුත් ඇමතිකම් ඉල්ලලා

ඇමති මණ්ඩලය නම් කිරීමේ දී ඇමති ධූරයක් ලබා දෙන ලෙස ඉල්ලමින් මෙවර මැතිවරණයෙන් ජයගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් විශාල වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව වාර්තා වනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීම නොකරන්නේ දැනටමත් එසේ ඉල්ලීම් නොකරන්නැයි ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇති නිසායි.

එනිසාම ඔවුන් මහින්ද රාජපක්ෂ අමාත්‍යවරයා හමුවී සහ විවිධ මාර්ගවලින් ඔවුනට කැමති ඇමතිකම් ඉල්ලා සිටින බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින 150ට ආසන්න පිරිසෙන් 100කට ආසන්න පිරිසක් මෙසේ ඉල්ලීම් කර ඇතැයි වාර්තා වනවා.

මහින්ද රාජපක්ෂ මහතාගෙන් සෘජුව මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන්ටත් තවත් සමීප පුද්ගලයන්ටත් මෙම ඉල්ලීම් විශාල වශයෙන් එල්ල වී ඇතැයි වාර්තා වනවා.

ඇමති මණ්ඩලය 12 වැනිදා දිවුරුම් දීමට නියමිතයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *