වතු කම්කරුවන්ට රුපියල් 1000 මෙහෙම දෙන්න බෑ – කම්කරු අමාත්‍යංශයෙන්ම දන්වයි

වතු කම්කරුවන්ට රුපියල් 1000ක දෛනික වැටුප් ලබාදිය හැක්කේ ලංකා සේවක සම්මේලනය සමග වතු වෘත්තීය සමිති අත්සන් කර ඇති සාමූහික ගිවිසුම අහෝසි කර පඩි පාලක සභා මගින් පමණක් බව කම්කරු අමාත්‍යාංශය ඇමැති මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

වැවිලිකරුවන්ගේ සංගමය නියෝජනය කරන ලංකා සේවක සම්මේලනය සමග අත්සන් කර ඇති සාමූහික ගිවිසුමට අනුව රුපියල් 50ක ස්ථාවර මිල දීමනාවක් ඇතුළුව රුපියල් 750ක දෛනික වැටුපක් වතු කම්කරුවන්ට ලබා දිය හැකි බව අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවලදී අනාවරණය වී තිබුණා.

රුපියල් 700 මූලික වැටුපට අමතරව පැමිණීමේ දිරි දීමනාව, නිෂ්පාදන දිරි දීමනාව, මිල කොටස් පරිපූරකය යන දීමනා වර්ග සමග සේවක අර්ථසාධක හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් සඳහා දායක මුදල් හැර දෛනික වැටුප් රුපියල් 920 දක්වා ඉහළ නැංවිය හැකි බව ලංකා සේවක සම්මේලනය ප්‍රකාශ කළා.

එහෙත් වතු වෘත්තීය සමිති ඊට විරෝධය පළ කරමින් රුපියල් 1000ක දෛනික වැටුප් වැඩිවීමක් අවශ්‍ය බව අවධාරණය කර තිබෙනවා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *