IPL වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 31ක්

මෙවර ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලිය ඉන්දියාව තුළදීම පැවැත්වීමට හැකියාව පවතින බව තරඟ සංවිධායකයින් පසුගිය සතියේ දැනුම් දුන්නා.

ඒ අනුව මෙවර තරඟාවලියට අදාල ක්‍රීඩක වෙන්දේසිය ලබන 18 වනදා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙවර තරඟාවලියේ වෙන්දේසිය වෙනුවෙන් විදේශීය ක්‍රීඩකයින් 283ක් ලියාපදිංචි කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 31 දෙනෙකු මෙවර වෙන්දේසිය වෙනුවෙන් ලියාපදිංචි කර ඇති අතර සිව්වැනියට වැඩිම ක්‍රීඩක පිරිසක් ලියාපදිංචිකර ඇත්තේ ශ්‍රී ලංකාවෙන් වීම විශේෂත්වයක්.

වෙන්දේසිය වෙනුවෙන් වැඩිම ක්‍රීඩකයින් පිරිසක් ලියාපදිංචි කර ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් දේශයෙන්.

එම සංඛ්‍යාව 56ක්.

ඕස්ට්‍රේලියාවෙන් ක්‍රීඩකයින් 42ක් වෙන්දේසිය වෙනුවෙන් ලියාපදිංචි කර ඇති අතර දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් 38දෙනෙක් මෙවර ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ලියාපදිංචිකර තිබෙනවා.

තරඟාවලියට එක්වන කණ්ඩායමක සංචිතයක උපරිම වශයෙන් ක්‍රීඩකයින් 25 දෙනෙකු රඳවාගත යුතු වනවා.

පවතින කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පසුගිය වසරේ (2020) ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවත්වන්නට සංවිධායකයින්ට සිදුවුණා.

මෙවර තරඟාවලිය අප්‍රේල් මස 11 වනදා පැවැත්වීමට සැලසුම්කර ඇති අතර කෙසේ වෙතත් තරඟාවලියට අදාල කාල සටහන තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැහැ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *