මෙරට 13 වන කොරෝනා මරණය ලෙස ඊයේ වාර්තා වූ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයාගේ අවසන් කටයුතු හලාවත – මාදම්පේ ආදාහනාගාරයේදී සිදුකෙරුණා.
ඒ සඳහා ඔහුගේ පවුලේ ඥාතීන් කිහිපදෙනෙකු පමණක් සහභාගි වූ බවයි වාර්තාකරු සඳහන් කළේ.
හලාවත මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මොහු බහරේනයේ නාවිකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.
ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය දෙවනදායි.
එම අවස්ථාවේදී ඔහු කොරෝනා රෝගියෙකු ලෙස හඳුනා ගෙන නොමැති අතර, නිරෝධායනයට ලක් වෙමින් සිටින අතරතුරයි පසුගිය 9 වනදා හලාවත මූලික රෝහලට ඇතුළත් කරනු ලැබුවේ.