කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ ඊයේ (26) සිදුවූ වෙඩි හුවමාරුවෙන් හා පිපිරීම් මාලාවෙන් ජීවිතක්ෂයට පත්වූ මළසිරුරු 15ක් හඳුනාගැනීමට පොලීසියට හැකිවී තිබෙනවා.
පිරිමි පුද්ගලයින් 6ක්,කාන්තාවන් 3ක් හා කුඩා ළමුන් 6කගේ මල සිරුරු ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ.
යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව ත්රස්තවාදීන් සැඟවී සිටින බවට සැකකළ නිවෙසක් පරීක්ෂා කිරීමට යෑමේදී මෙම සිදුවීම වී තිබෙනවා.
සිදුවීම පිලිබඳ වැඩිදුර විමර්ශන තවමත් ක්‍රියාත්මකයි.