ඕමන්තේ ප්‍රදේශයේදී යාපනය සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් මී ගවයින් සහ එළ ගවයින් 16 දෙනෙකු මියගොස් තිබෙනවා.
මෙම ගවයින් රංචුව දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටියදීයි අද අලුයම දුම්රියේ ගැටී මියගොස් ඇත්තේ.
මේ අතර මෙම දුම්රියේ ගැටීමෙන් වව්නියාව තාණ්ඩිකුලම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි ද වව්නියාව පොලිසිය ප්‍රකාශකර තිබෙනවා.