19 හැවිරිදි තරුණයකු විදුලිසැර වැදීමෙන් ජීවිතක්ෂයට

ඇහැලියගොඩ බදුවත්ත ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුත්තක නිරතව සිටි තරුණයෙකු විදුලිසැර වැදීමෙන් මරණයට පත්ව තිබෙනවා.

ඉදිකිරීම්වල නිරතව සිටි දෙදෙනෙකුට විදුලිසැර වැදී ඇති අතර ඇුහැලියගොඩ රෝහලට ඇතුලත් කිරීමේදීයි එක් අයෙක් මියගොස් ඇත.

මියගිය තරුණයා රත්නපුර ගොලුවාවිල පදිංචි 19 හැවිරිදි අයෙක්.

මෘත ශරීරය ඇහැලියගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර ඇහැලියගොඩ පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *