ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා ෆිරෙන්සි නගරසභාවේ සහ කොට්ඨාශවල පවත්වන ඡන්දයට ෆිරෙන්සි 4 වැනි කොට්ඨාශයෙන් තරග කිරීමට නියමිතය.

හංසිකා ඉතාලියට ගොස් ඇත්තේ මාපියන් සමඟ වයස අවුරුදු දෙකේදීය.

හංසිකා,ෆිරෙන්සි සීජීඅයිඑල් ෆිල්කැම්ස් ආයතනයේ වත්මන් අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රධානියා ලෙසත් කටයුතු කරන සිංහාර මුදලිගේ සමන් පෙරේරා මහතාගේ වැඩිමල් දියණියයි. සමන් පෙරේරා මහතා කම්කරු නීති උපදේශකවරයකු පමණක් නොව සමාජ සේවකයෙකි.

සමන් පෙරේරා මහතා 2003 දීත්, 2009 දීත් මහ නගරසභාව වෙනුවෙන් තරග කර මහ නගරසභාවට තේරී පත් වුණු අයෙකි.

හංසිකා පෙරේරා, මේ වනවිට ස්නැව්ඩිච්චි රසල් නිව්ටන් විද්‍යා අංශයෙන් උසස් පෙළ අවසන් වසරේ ඉගෙනුම ලබයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *