මැති ඇමැති 20 ක් මධූෂ් එක්ක ගණුදෙනුවල !

මාකඳුරේ මධූෂ් සමඟ සබඳතා පැවැත්වූ විවිධ දේශපාලකයන් 84 දෙනකුගෙන් 20 දෙනකු මැති ඇමැතීන් බව මධූෂ් ගැන කෙරෙන ඒකාබද්ධ පරීක්ෂණයේදී හෙළිදරව් වී ඇති බව මාධ්‍ය වාර්තා පවසනවා.

 

මේ අයගෙන් පස්දෙනකු මධූෂ්ගේ සමීපතම හිතවතුන් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ආරක්ෂක අංශය  පෙන්වා දෙන බවයි එහි සඳහන් වන්නේ.

මොවුන් අතර ප්‍රධාන පක්ෂ ගණනාවක් නියෝජනය කරන්නෝ ද සිටිතියිද කියැවේ. මේ අතර සිටින කොළඹට නුදුරු දිශාවක් නියෝජනය කරන එක්තරා බලවත් දේශපාලනඥයකු මෙයට මාස හතරකට පමණ පෙර ඩුබායිහිදී මධූෂ් හමුව ඇතැයිද වාර්තා වනවා.

මධූෂ් මෙරටට ලබා ගත හැකිද යන්න ගැන විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඩුබායි රාජ්‍යය නියෝජනය කරමින් කොළඹ සිටින තානාපතිවරයා සමඟ විශේෂ දුරකථන සාකච්ඡාවක් පවත්වා ඇති අතර මෙහිදී අදාළ නඩුවේ නීතිමය තත්ත්වය ජනාධිපතිවරයාට තානාපතිවරයා විසින් විස්තර කර ඇතැයි විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ග පවසනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *