“ලාහෝර් ප්‍රහාරයෙන් ජීවිත බේරුණේ ඩිල්ෂාන් නිසයි” – වසර 10කට පසුව ඇසෙන කතාව

ලාහෝරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී තම ජීවිත බේරුණේ, තිලකරත්න ඩිල්ෂාන් නිසා බව එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස ක්‍රියා කළ පෝල් ෆාබ්‍රේස් පවසනවා.

පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ සිද්ධියට වසර 10ක් ගත වූයේ ඊයේ (මාර්තු 3) දිනයට වන අතර ඒ නිමිත්තෙන් මාධ්‍ය වෙත ඔහු මේ බව සඳහන් කර තිබුණා.

“වෙඩි උණ්ඩ බස් එකට වැදුණා. බස් රථයේ වීදුරුවලට වැදුණා. මට ඒ වෙලාවේ ඇහුණේ, ඩිල්ෂාන්ගේ හඬ විතරයි. ඒ සුවිශේෂ හඬ මට තවමත් ඇහෙනවා. ඒක මගේ ජීවිතේ ඉතිරි කාලය පුරා ම තියේවි.”

පෝල් ෆාබ්‍රේස් පවසන්නේ, ඩිල්ෂාන් නිරන්තරයෙන් රියැදුරු අසුනට පසුපස පිහිටි අසුනේ හිඳගන්නා බවයි.

“මට ඇහුණා ඩිල්ෂාන් කිව්වා, බස් රථය පසුපසට ධාවනය කරන්න කියලා. ඒ වෙලාවේ රියැදුරා සුක්කානමට පහතින් හිස තබාගෙන අත්වලින් සුක්කානම හසුරුවමින් හිටියේ.

එහෙම ඉඳගෙන ඔළුව පාත් කරගෙන ධාවනය කරනකොට ඩිල්ෂාන් තමයි ප්‍රහාරයෙන් බේරිලා යන්න පාරවල් පෙන්නුවේ. බස් රථයේ රියැදුරා ඒ ස්ථානයෙන් බස් රථය ඉවත් කර ගන්න දැක්වූ දක්ෂතාවට විශාල ගෞරවයක් ලබා දුන්නා. ඒත්, මට හිතෙන්නේ ඩිල්ෂාන්ගේ තිබුණ නිර්භීතකම නිසා තමයි අපේ ජීවිත බේරුණේ” යනුවෙන් ඔහු සඳහන් කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *