ඊයේ ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

කොවිඩ් -19 ආසාදිතයින් 458 දෙනෙකු ඊයේ (24) දිනය තුළ අලුතින් හඳුනාගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම ආසාදිතයින් සියලුදෙනා දේශීයව හඳුනාගත් අයවේ.

ඊයේ දිනයේත් වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 94කි.

ගම්පහ 76ක්, රත්නපුර 59ක් වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබේ.

කොවිඩ් -19 ආසාදිත මෙරට සමස්ත සංඛ්‍යාව 81,467 දෙනෙකු දක්වා ඉහළගොස් ඇත.

සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 76,514 දෙනෙකු මේ වනවිට සුවය ලබා ඇති අතර ආසාදිතයින් 4,496 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවේ.

කොවිඩ් -19 ආසාදිතව මෙරටදී සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 457 ක් දක්වා ඉහළගොස් තිබේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *