2024 ජනාධිපති අවුරුදු 60 ට වඩා අඩු පුද්ගලයෙක්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් වයස අවුරුදු 60 ට වඩා අඩු පුද්ගලයෙක් රටේ ජනාධිපතිවරයා බවට පත්වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසනවා.

අද (22) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු කියා සිටියේ ලබන වසරේ සැප්තැම්බර් 16 වැනිදාත් ඔක්තොම්බර් 16 වැනිදාත් අතර කාලයේදී අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන බවයි

එමෙන්ම ජුලි මාසයේදී ජනාධිපතිවරණය කැඳවීමට නියමිත බවද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *