20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විවාදය ඇරඹේ – ආණ්ඩුවේ දෙන්නෙක් විරුද්ධ වන්න අවි අමෝරා ගනී(LIVE)

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැනෙනවා.

එම කෙටුම්පතට අදාළ විවාදය අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වීමට ඉකුත් දා පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණු අතර ඒ අනුව එම විවාදය පැවැත්වෙන පළමු දිනය අදයි. විවාදය අද පෙරවරු 10 ට ආරම්භ කෙරෙන බවයි සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප‍්‍රකාශ කළේ.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු එක් එක් කරුණ සඳහා වෙන් වෙන් වශයෙන් ඡන්ද විමසීමක් පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ලබාදීමෙන් වැළකී සිටීමට ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරුන් දෙදෙනෙකු තීරණය කර ඇති බවට වාර්තා වනවා.

කෙසේවෙතත්, 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව විපක්ෂයේ මන්තී‍්‍රවරුන් කිහිපදෙනෙකුම ඡන්දය ලබාදීමට නියමිතව ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම්දුන් 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 5 සහ 22 වගන්ති ඉවත් කර ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කළේ මෙලෙසයි.

 

You May also like

1 Comment

  1. Sinha seiyaawa netta padchathbaagaye ruwaagath awasthawen bondawanu langadie dekiyaheka .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *