සෙල්ලම් බඩු කර්මාන්ත ශාලාවෙන් ‘තවත් ආසාදිතයින්’ 26ක්

මඳුරන්කුලිය ප්‍රදේශයේ පිහිටි සෙල්ලම් බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවෙන් තවත් කොරෝනා ආසාදිතයින් 26 දෙනෙකු අද වාර්තා වුණා.

ඒ අනුව එම කර්මාන්ත ශාලාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 101 ක්.

වාර්තා වූ ආසාදිතයින් පිරිස පුත්තලම, වනාතවිල්ලු‍ව, මුන්දලම, ආණමඩුව සහ කල්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙම සිද්ධියත් සමඟ පවුල් 300ක පුද්ගලයින් 600 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *