ශ්‍රී ලංකාව යළිත් අළුගසා දමා නැගිටී..දෙවන ටෙස්ට් තරගයෙනුත් අප්‍රිකානුවන් පරදා මවුබිම යළිත් ඉහළට ඔසවයි

දකුණු අප්‍රිකාවට එරෙහිව පෝර්ට් එලිසබත්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව මීට සුළු පෙර සමත්වුණා.

ඒ අනුව ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය ද ශ්‍රී ලංකාව සතු වනවා.

ඕෂධ ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් තරගය ජයග්‍රහණය කරා යොමු කළ අතර ඕෂධ ප්‍රනාන්දු ලකුණු 75ක් සහ සහ කුසල් මෙන්ඩිස් ලකුණු 84 ක් ලබා ගත්තා.

දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න සාර්ථක ආරම්භයක් ලබාගත්තද ශ්‍රී ලංකා ලකුණු පුවරුව 34 ක් වනවිට ඔවුන් දෙදෙනාව පිටියෙන් ඉවත් කිරීමට කගීසෝ රබාඩා සහ ඩුවෑන් ඔලිවර් සමත්වූණා.

සුරංග ලක්මාල්ගේ (39/4) සහ ධනංජය ද සිල්වාගේ (36/3) දක්ෂ පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකාවේ දෙවැනි ඉනිම ලකුණු 128 කට සීමා වූ අතර ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 197 ක ඉලක්කයක් හිමි වුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *