වැලිකඩ බන්ධනාගරය දක්වා ප්‍රවාහනය කරමින් තිබූ බස්රථයක බීමතින් සිටි ජේලර්වරයෙකු, සැරයන්වරයෙකු සහ බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගත් බව මින්නේරිය පොලිසිය පවසනවා.
මඩකලපුව හා පොළොන්නරුව බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් ප්‍රවාහනය කරද්දී මින්නේරිය පොලිසිය ලද තොරතුරක් මත බන්ධනාගාර බස්රථය පරීක්ෂා කිරීමේදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මරණ දඬුවම නියම වූ සිරකරුවකු සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධ රැඳවියන් අටදෙනෙකු එම අවස්ථාවේ මෙම බස්රථයේ සිට තිබෙනවා.
බන්ධනාගාර නිලධාරීන් හත්දෙනෙකු මෙම බස්රථයේ සිට ඇති අතර ඔවුන්ගෙන් තිදෙනෙකු බීමත්ව සිට ඇති බවට තහවුරු වී ඇතැයි ද පොලිසිය පවසනවා.