මාකඳුරේ මධුෂ්ට උදවු කළ 300කගේ නම් හෙළිවේ – ඒ අතර ප්‍රබලයන් රැසක්..12ක් අතුරුදන්

පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් සහ ඔහුගේ සමීපතම ගෝලයා බව කියන කැළුම් ඉන්දික සමඟ කිට්ටු සම්බන්ධතා පවත්වන පුද්ගලයන් තුන්සියයකට ආසන්න පිරිසක් පිළිබඳව තොරතුරු පොලිසිය වෙත ලැබී තිබෙනවා.

පොලිස් නිලධාරීන්, බන්ධනාගාර නිලධාරීන්, දේශපාලනඥයන්, ධනවත් ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් ද ඒ අතර සිටින බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයන් මධුෂ්ගේ පාතාල කල්ලිය සමඟ සම්බන්ධතා පැවැත්වීම පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත්තේ කැළුම් ඉන්දික නමැති පාතාල ප‍්‍රබලයා සතුව තිබී සොයාගත් ජංගම දුරකථන සිම් කාඞ්පත් 500 කට අධික ප‍්‍රමාණයක් පිළිබඳ විමර්ශන පැවැත්වීමේදීයි.

මේ අතර කැළුම් ඉන්දික අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ ජාවාරම්කරුවන් දොළොස් දෙනකු අතුරුදන් වී ඇති බව ද විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *