සීගිරියට ළඟ පාරෙන් නගින්න රු 3000 යි..ඒත් පිටරැටියන්ට විතරයි..ජාවාරමේ තොරතුරු මෙන්න (PHOTOS )

සීගිරිය වෙත පැමිණෙන සංචාරකයන්ගෙන් ගසා කන වැඩපිළිවෙලවල් මේ වනවිටත් ක්‍රියාත්මකව තිබෙනවා.

මධ්‍යම සංස්කෘතික අරමුදල හෝ වෙනත් අදාළ රජයේ ආයතන ක්‍රියාත්මක වෙද්දී එහි පැමිණෙන සංචාරකයන් අපහසුතාවට පත් කරමින් කූට ලෙස මුදල් ඉපයීම අද (08)දිනය වන විටත් සිදු වනවා.

සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන විදේශිකයන් ඉලක්ක කරගැනීම මුදල් අනිසි ලෙස ඉපයීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන අතර ‘ළඟ පාරකින් සීගිරියට නැගීමට නම් ‘අවමය රුපියල් 3000ක සිට මුදලක් ගෙවීමට සිදු වනවා.

මෙම මාර්ගයෙන් දේශීය සංචාරකයන්ට ගමන් කිරීමට ඉඩ ලබා නොදෙන අතර විදේශිකයන්ගේ පසුම්බියට විදීම සඳහා පමණක් මෙම මාර්ගය යොදා ගනු ලබනවා.

සීගිරිය නැරඹීමට මෙරට මෙන්ම විදෙස් ජනතාව ද පැමිණෙන්නේ විශාල බලාපොරොත්තු ඇතිවයි.

මෙරට ප්‍රධාන ආදායම් මාර්ගය බවට සංචාරක කර්මාන්තය පත් කළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උගුර ලේ රස වනතුරු කෑ ගැසුවද වංචාවට හුරුවූ සීගිරිය ඇතුළත මඟපෙන්වන්නා බව පවසන පිරිස් සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ඇතුළු රජයේ නිලධාරීන්ගේ නොමනා පිළිවෙත් නිසා විදේශිකයන්ට ශ්‍රී ලංකාව සංචාරය නොකළ යුතු රටක් ලෙස හැඟෙන දිනය වැඩි ඈතක නොවේ.

ජනාධිපතිතුමනි මේ ඔබේ අවදානය පිණිසයි…

(අදාළ මාර්ගය පහතින් දැක ගත හැකියි)

අවමය රු 3000ක් ගෙවා විදේශිකයන් පමණක් ගෙන යන කෙටි මාර්ගය
අවමය රු 3000ක් ගෙවා විදේශිකයන් පමණක් ගෙන යන කෙටි මාර්ගය

 

අවමය රු 3000ක් ගෙවා සීගිරිය ඉහළට පැමිණි විට පිවිසෙන ස්ථානය (ඡායාරූපයේ වම් පසින් විදේශිකයන් සිටින්නේ එම ස්ථානයේ යි.)
සාමාන්‍ය ජනතාව පැමිණිය යුතු මාර්ගය

You May also like

1 Comment

  1. Mun salli walata ratath wikunai. Wal ballo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *