ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ එක දවසට කොරෝනා රෝගීන් 397 ක්

 

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගත වූ පැය 24තුළදී නව කොරෝනා වයිරස ආසාධිතයන් 397 දෙනකු හඳුනාගෙන ඇති අතර වයිරස ආසාධිත මරණ 3ක් වාර්තා වී තිබෙනවා .

අවසන් පැය 24 දී හඳුනාගත් ආසාදිතයන්ගෙන් 37දෙනෙකු සමාජය තුළ පැතිර යාම නිසා මෙසේ සිදුවූ බවත් අනෙක් ඒවා තරමක් සංකීර්ණ බවත් වික්ටෝරියා ප්‍රාන්ත ආණ්ඩුවේ ප්‍රධානී ඩැනියෙල් ඇන්ඩෲස් පැවසුවා.

ඉතිරි සිදුවීම් 360 සම්බන්ධයෙන් විමර්ශනය කරන බව ද හෙතෙම සඳහන් කළා .

සිකුරාදා දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව කොරෝනා වයිරස ආසාධිතයන් 600කට වඩා හඳුනාගෙන . ඒ අනුව සිකුරාදා දිනයට සාපේක්ෂව සෙනසුරාදා දිනයේදී හමු වූ වයිරස ආසාධිතයන්ගේ ගණන අඩු වී තිබෙනවා .එසේ වුවත් වයිරස ආසාධිතයන් 300 ක් වුවද සැලකිය යුතු ගණනක් යැයි ප්‍රාන්ත ආණ්ඩු ප්‍රධානියා සඳහන් කළා

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *