මධුෂ්ලාගේ ඩුබායි නිවාසවලින් කොකේන් කිලෝ 3ක් සොයාගෙන

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධූෂ් සහ මත්කුඩු ජාවාරමේ ප්‍රබලයකු වන කංජිපානි ඉම්රාන් යන දෙදෙනාගේ ඩුබායිහි පිහිටි නිවාසවලින් කොකේන් කිලෝ 3කට‍ ආසන්න ප්‍රමාණයක් එරට පොලීසිය විසින් සොයාගෙන ඇතැයි මෙරට ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබී තිබේ.

ඒ සමඟම මධූෂ් හා කංජිපානි සමඟ සම්බන්ධකම් පැවැත්වූ ඩුබායිහි රැඳී සිටින්නන් සොයා පුළුල් මෙහෙයුමක් ඩුබායි පොලීසිය ආරම්භ කර ඇතැයිද එම තොරතුරුවල සඳහන්ය. එම මෙහෙයුම්වලට බියෙන් ඔවුන් දෙදෙනාගේ ගෝලයන් සිටි තැන්වලින් පැනගොස් සැඟවී සිටින බවත්, බොහෝ පිරිසක් අබුඩාබි නුවරට පැනගොස් ඇති බවත් වාර්තා වේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *