එක්සත් ජාතික පෙරමුණු රජය 2019 වසර වෙනුවෙන් ඉදිරිපත් කළ අය-වැයෙහි, තෙවනවර කියැවීම පිළිබඳ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් අද (05) පස්වරුවේ සම්මත වුණා.
මුදල් ඇමැති මංගල සමරවීර මහතා පසුගිය මාර්තු පස්වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙරට 73වන අය-වැය ලේඛනය මෙයයි.
අය-වැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී අය-වැයට පක්ෂව ඡන්ද 119ක් ද විපක්ෂව ඡන්ද 74ක් ද ලැබී තිබෙනවා.