සෙල්ෆි ගන්න ගිහින් 4ක් මරුට

ඉන්දියාවේ තමිල්නාඩු නුවර අළුත විවාහ වූ කාන්තාවක් ඇතුළු ඇයගේ සහෝදර සහෝදරියන් 3 දෙනෙක් පම්බා වේල්ල අසල ගැඹුරු දියේ ගිලී මියගොස් තිබෙනවා.

නව යුවල, මනමාලයාගේ සහෝදරිය සහ මනමාලියගේ සහෝදරයා(14) සහ සහෝදරියන්(18 / 19) එකිනෙකාගේ ඉනට අත් දමා ගෙන සෙල්ෆී ඡායාරූපයක් ගැනීමට යාමේදී 14 හැවිදි සහෝදරයාගේ පය ලිස්සා අනෙක් අයද ඒ සමග ඇදගෙන වැටීමෙන් මේ අණතුර සිදු වී තිබෙනවා.

මනමාලයා විසින් ඔහුගේ සහෝදරියව ඇද බේරා ගැනීමට සමත් වී තිබුණා. ඔවුන් දෙදෙනා දිවි ගලවා ගත් අතර, අනෙක් 4 දෙනාගේ මලසිරුරු පොලීසිය විසින් පසුව සොයාගනු ලැබුවා. මේ පිළිබඳ පරීක්ෂණ පොලීසිය විසින් තවදුරත් කරනු ලබනවා.

ලොව වැඩිම සෙල්ෆි මරණ වාර්ථා වන්නේ ඉන්දියාවෙන්.