රුපියල් බිලියන 450ක මුදලක් අලුතින් මුද්‍රණය කරලා

ඉකුත් පෙබරවාරි මස සිට අවසන් ජුලි මාසය දක්වා වූ මාස 5ට මහබැංකුව විසින් රුපියල් බිලියන 450ක මුදලක් අලුතින් මුද්‍රණය කොටතිබෙනවා.

ඒ අනුව මාර්තු මාසයේ රුපියල් බිලියන 164.9ක්, අප්‍රේල් මාසයේ රුපියල් බිලියන 92.5ක් සහ අවසන් මාස දෙකේ රුපියල් බිලියන 257ක් මුද්‍රණය කොට ඇති බව මහබැංකු ආරංචි මාර්ග අනාවරණය කර තිබුන.

සාමාන්‍යයෙන් රටක මුදල් මුද්‍රණය කරනු ලබන්නේ එම රට සතුව ඇති මූල්‍ය සංචිත ප්‍රමාණයට සරිලන ලෙසටයි.

ශ්‍රී ලංකාවේ මූල්‍ය සංචිත ජුලි මස අවසන් සතිය වනවිට රුපියල් බිලියන 869කින් පහත වැටී ඇති බවද වාර්තා වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *