කොල්ලුපිටිය බස් අනතුරින් මියගිය අයගේ පවුල්වලට රජයෙන් රුපියල් ලක්ෂ 5 බැගින් මූල්‍යාධාර

කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසල සිදුවූ අනතුරින් මියගිය පුද්ගලයින්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 5 බැගින් මූල්‍යාධාරයක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපතිවරයා වීසින් ජනාධිපති ලේකම් සමන් ඒකනයක මහතා වෙත අදාළ උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

ඒ අනුව අදාළ වන්දි මුදල් ලබාදෙන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් ප්‍රවාහන අමාත්‍යාංශයට සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත දැනුම්දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අද (06) උදෑසන කොල්ලුපිටිය ලීබර්ටි වටරවුම අසලදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මතට ගසක් කඩා වැටී අදාළ අනතුර සිදුව තිබුණා.

එම අනතුරින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් 20කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *