අද දිනයේ සිට පිට පළාත්වල දුම්රිය 5 ක් කොළඹ කොටුවට

පිට පළාත්වල සිට දුම්රිය 5 ක් අද දිනයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගමනා ගමන, ගාමිණී සෙනෙවිරත්න පැවසුවේ අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත පුද්ගලයින්ට සිය සේවා ස්ථානය සදහා පැමිණීමට පමණක් එම දුම්රිය යොදවන බවයි.

ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසුවේ රාජකාරි සඳහා පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා පමණක් දුර ගමන් සේවා බස්රථ ක්‍රියාත්මක කරන බවයි.

ඊයේ දිනයේ ලංගම බස්රථ පමණක් ධාවනය වුවද අද සිට පෞද්ගලික බස්රථ සඳහා ද දුර ගමන් සේවා ක්‍රියාක්මක කරන ලෙස දන්වා ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *