අමෙරිකානු තානාපති කාර්යාල පරිශ්‍රයේදී දැරියකට ලිංගික අතවර කරලා

ඉන්දියාවේ දිල්ලි හි අමෙරිකානු තානාපති කාර්යාල පරිශ්‍රයේදී පස් හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ බවට චෝදනා මත ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කාර්‍යාලයේ සේවය කරන ඉන්දීය ජාතිකයන්ට අයත් නිළ නිවාස කොටසේදී එම 25 හැවිරිදි චූදිතයා සිද්ධියෙන් දිනකට පසුව පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අදාල දැරිය දූෂණයට ලක් වී ඇතැයි වෛද්‍ය වාර්තා වලින් තහවුරු වූ බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් නිළධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණා.

ඉන්දීය නීතිය අනුව මරණ දඬුවම හිමි වන ළමා අපචාර චෝදනා යටතේ එයිෂ් සිංහල් නැමැත්තාට චෝදනා එළ්ල වී තිබෙනවා.

You May also like

1 Comment

  1. ගල් ගහලා මරන්න ඔනේ මේ වගේ වසලයන්ව. අවුරුදු 5ක් කියන්නේ කොච්චර පොඩිද? මුන්ව සමජේ තිබ්බොත් මොනවා වෙයිද දන්නේ නෑ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *