හඳට ගිහින් අවුරුදු 50 පිරෙන දා රෑ අහසේ වෙනදේ

2019 ජුලි 16 වන දින පුර පසළොස්වක දිනයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් සිදුවනු ඇත.

සිත්ගන්නා කරුණ නම්, ජූලි 16 යනු මිනිසා ප්‍රථම වරට සද මතට ගෙනගිය ඇපලෝ 11 රොකට් යානය පෘථිවියෙන් දියත් කිරීමේ 50 වන සංවත්සරයයි.

මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, දකුණු ඇමරිකාව, යුරෝපයේ සහ ආසියාවේ බොහෝ රටවලට දක්නට ලැබේ.

මෙය 2019 අවසාන චන්ද්‍රග්‍රහණය වන අතර පියවි ඇසට පෙනෙන මේ ආකාරයේ ඊළඟ චන්ද්‍රග්‍රහණය දැකගැනීමට 2021 මැයි 26 දින තෙක් සිටීමට අපට සිදු වේ.

අර්ධ චන්ද්‍රග්‍රහණයනයකදී පෘථිවිය, සූර්යයා සහ චන්ද්‍රයා අතරට පැමිණෙන නමුත් ඒවා සරල රේඛාවක් සාදන්නේ නැත. මෙය සිදු වූ විට, චන්ද්‍රයාගේ පෘෂ්ටයෙන් කුඩා කොටසක් මතට පෘථිවියේ සෙවනැල්ලේ අඳුරුතම කොටස (පුර්ණ චායව)පතිත වෙයි.

චාන්ද්‍රග්‍රහණය ආරම්භ වන්නේ ජූලි 16 මධ්‍යම රාත්‍රියෙන් පසුව ය, එනම් 17 වන දින අළුයම 12.13 ට චන්ද්‍රයා පෘථිවියේ උපචයාවට (අඩ අඳුරු සෙවනැල්ල) චන්ද්‍රයා ඇතුළු වීමත් සමගය.

17 වනදා අළුයම 5.47 ට උපචයාවෙන් චාන්ද්‍රයා ඉවත් වීමත් සමග ග්‍රහණය අවසන් වේ.

අර්ධ චන්ද්‍රග්‍රහණයේ පියෙවි ඇසට දෘශ්‍යමාන කොටස 17 වන දින අළුයම 1.31 ට චන්ද්‍රයා උම්බ්‍රා හෙවත් පෘථිවියේ සෙවණැල්ලෙහි තද අඳුරු පුර්ණ චායාව කොටසට ඇතුළු වීමත් සමග ආරම්භ වන අතර වන අතර අලුයම 4.29 ට චන්ද්‍රයා ඉන් පිටවන විට අවසන් වේ.

උපරිම ග්‍රහණ අවස්ථාව අළුයම 3.00 ඇතිවන අතර එවිට සඳ මතුපිටින් 65% ක් පමණ පුර්ණ චායාවෙන් ආවරණය වී ග්‍රහණය හොදින් දැකිය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

මේ දිනවල අහසේ ඉතා දීප්තිමත් ව බැබලෙන යෝධග්‍රහ දෙකක් වන බ්‍රහස්පති සහ සෙනසුරු, ග්‍රහනයට ලක්වන චන්ද්‍රයාට ඉතාම ආසන්නව පිහිටමින් ඇතිවන දුර්ලභ ආකාශ වස්තුද මෙදින දැකගත හැකි බව මහාචාර්ය ජයරත්න මහතා පැවසීය.

චන්ද්‍රග්‍රහණ දිනයේදී සෙනසුරු හඳට ඉතා ආසන්නවත් වඩාත්ම දීප්තිමත් වූ බ්‍රහස්පති ඉන් තරමක් ඔබ්බෙනුත් දැක ගත හැකිය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *