ෆේස්බුක් එකේ මිලියන 530 කගේ දත්ත සොරා ගෙන

ෆේස්බුක් පරිශීලකයින් මිලියන 530 කගේ දත්ත සොරා ගෙන ඇති බවට අනාවරණ වී තිබෙනවා.

2019 සැප්තැම්බර් මාසයට පෙර කාලය තුලදී මෙම දත්ත සොරා ගැනීම සිදුව ඇති බවට ෆේස්බුක් ආයතනය නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.

ෆේස්බුක් ෆ්‍රොෆයිල් නාම ඊමේල් ලිපින ෆේස්බුක් හැඳුනුම් අංක දුරකථන අංක වැනි තොරතුරු මෙහිදී සොරකම් කර ඇතැයි සඳහන්.

කෙසේවෙතත් ෆේස්බුක් සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ 2019 වසරේදී මෙම දත්ත සොරකම සිදුවූ අතර එම වසරේ අගෝස්තු මාසයේදී එය හඳුනාගත් බවයි.

කෙසේවෙතත් එම නිකුත්වූ දත්ත නැවත ලබාගැනීමට හැකියාවක් නොමැති බව ද ඔවුන් ප්‍රකාශකර තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ ෆේස්බුක් ගිණුම් මිලියන 30කට වඩා වැඩි ප්‍රමාණයකට මෙමගින් බලපෑම් එල්ලවී ඇතැයි සඳහන්.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *