මෛත්‍රී එපා වී නිදහස් පක්ෂ ප්‍රබලයන් 6ක් පොදුජන පෙරමුණ සමග සාකච්ඡා

දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනෙකු පමණ කණ්ඩායමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීම සඳහා සාකච්ඡා පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධානියෙකු සමඟ මෙම සාකච්ඡාව පැවැත්වූයේ යැයි ඉහල පෙලේ ආරංචි මාර්ග සඳහන් කළා.

එහිදී ප්‍රධාන වශයෙන් ම ඔවුන් පවසා ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයට විරෝධය දැක්වීමක් වශයෙන් මෙම තීන්දුව ගත් බවයි.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ප්‍රසිද්ධියේම එක්වීම සඳහා ඔවුන් අවස්ථාවක් ඉල්ලා තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *